දරුවන් කෙලෙසුවැයි ප්‍රා සභා වැඩ පරීක්ෂකවරයෙක් අල්ලයි


බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයකු කළුතර වෙනිවැල්පිටියේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු දරුවන්ට ලිංගික අපයෝජන සිදුකරන අවස්ථා අඩංගු වීඩියෝ දර්ශන සහිතව මේ පිළිබඳ විමර්ශන කරන ලෙස ඉල්ලා ගම්වාසීහු ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් යවා ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

එම දර්ශන වීඩියෝගත කළ අය ද සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.