කොටදෙණියාවේ තුන්හැවිරිදි පිරිමි දරුවකු අතරුදන්ව ඇතැයි සිකුරාදා සවස විශාල කලබලයක් ඇතිවිය. දරුවා නැතැයි නිවැසියන් විසින් ව්‍යාපාරිකයකු විසින් පොලිසියට දැනුම් දිමත් සමග ගැමියන් සහ පොලිසිය එක්ව පැය දෙකකට වැඩි කාලයක් දරුවා සෙවිමට මහත් වෙහෙසක් ගන්නා ලදී. ප්‍රදේශය පුරා ඇති පාළු ස්ථාන, ලැගුම්හල් සහ සැකකටයුතු ස්ථාන රැසක් පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් නොවූයෙන් යළි නිවස ඇතුළත පරීක්ෂා කිරීමේ දී කාමරයක දැමූ කිළිටි රෙදි ගොඩක් යටට වී නිදා සිටි දරුවා පොලිස් නිලධාරියකු සොයා ගත්තේය. මෙහෙයුම එතැණින් අවසන් විය. දරුවන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නැයි පොලිසිය නිවැසියන්ට දැඩි සේ අවවාද කරන ලදි.

