දරු සෙනෙහසින් අප්පයි පුතයි කූඩුවේ


අලුත උපන් දරුවා බැලීමට  කළුබෝවිල රෝහලට ගිය පිය පුතු දෙදෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටිති.

වාට්ටුවට ගිය පුතා බිරිය ළඟ සිටි දරුවා එළියේ සිටි පියාට පෙන්වීමට රැගෙන යාමට උත්සාහ කළ බවත් ඊට එරෙහි වු රෝහල් සේවකයකුට හා ආරක්ෂ සේවිකාවකට ඔවුන් දෙදෙනා එක්ව පහරදී ඇතැයි  පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අරක්ෂක සේවිකාව රෝහල් ගත කරනු ලැබ සිටී.ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.