දරු දෙන්නයි පියයි මරුට


මහනුවර කටුකැලේ දරු දෙදෙනකුගේ හා පියාගේ (44) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.

වයස අවුරුදු අටක් හා හතරක් වන දරු දෙදෙනාට වස ශරීර ගත වී ඇතැයි ද, පියා විසින් වස දුන්නේදැයි සොයා බලන බව ද පොලීසිය කියයි.

පියා ද වස ශරීර ගත වී මියගොස් ඇත.

ඔහු වස බිව්වේදැයි සොයන බව ද පොලීසිය කියයි.