දර්ගා නගරයේ වෙඩි තැබීමක්


(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

පොලිස් නිළධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලිස් නිළධාරියෙක් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි .

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී  වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි .

දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් කු එම ප්‍රදේශයට ගොස්  සිටියදී සැකකරු යකඩ පොල්ලක් රැගෙන නිළධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත් , එහිදී එක් නිළධාරියෙකු අතරැදී රිවෝල්වරයකින් අහසට වෙඩි තබා ඇති බව සදහන් වේ.

ආරවුලද පාලනය කල පොලිස් නිළධාරීන් සැකකරු  අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .