දයාසිරිට විරෝධය දක්වන්න ගිහින් වහලෙන් වැටේ


සන්ධානයෙන් වයඹ පළාත් සභාවට තරඟ වදින දයාසිරි ජයසේකර මහතාට තමා සහය  නොදෙන බවට  ප්‍රකාශ කිරීම සදහා  ගල්ගමුව රෝහල ඉදිරිපිට  බස්නැවතුම්පොළේ වහලය මත නැඟ කළ විරෝධතාවයේදී ගල්ගමු ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රී කේ ආඩි අප්පු මහතා  වහලෙන් ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය.

ආඩියා මහතා ප්‍රකාශ කළේ  ජයසේකර මහතාට තමා  සහාය දක්වන බවට  ඔහු ගෙන යන ප්‍රචාරය වැරැදි හෙයින් තමා මේ විරෝධය දක්වන බවයි. 

ඡායාරූප - රොෂාන් රණසිංහ