තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක සිට දුරකතනයෙන් එසැණට කීවේය.
මෙම පීඩනය ඉවසා දරා ගැනීමට නොහැකි වුවහොත් ඉල්ලා අස්වන බවද ඔහු කීවේය.
‘එම තිදෙනාගේ උත්සාහය මා ඉවත් කර එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයේ හිටපු ප්‍රබලයකු එම පුටුවට පත් කිරීම බව පේනවා.මෙහෙම මානසික වදයකට ගොදුරු වෙන්න මට ඕනි නෑ. මහ ඇමැති කමින් ඉවත් වී මහ මැතිවරණයකට තරග කිරීම හොඳයි.‘

