දයාසිරි ජයසේකරයි හරීන් ප්‍රනාන්දුයි ගහගනිති


දෙරණ රූපවාහිනියේ වාද පිටියේ දී අඟහරුවාදා (08) රාත්‍රී වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගුටිබැට හුවමාරු කර ගත්හ.

රටේ දේශපාලන තත්ත්වය ගැන චතුර අල්විස්ගේ මෙහෙයවීමෙන් මේ සාකච්ඡාව ඇරැඹිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරු ද මීට එක්වූහ.

දයාසිරි හා හරීන් ‘මෝඩයා, නපුංසකයා‘ වැනි වචන ද හුවමාරු කර ගත්හ. වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය වෙමින් තිබිණි. විවාදය මෙහෙය වූ චතුර අල්විස් විරාමයක් ප්‍රකාශයට පත් කළේ ඒ අවස්ථාවේ දී ය. ඉන් පසු විවාදය නතර විය. දෙදෙනා ගුටිබැට හුවමාරු කර ගත්හ. ඔවුන් අමාරුවෙන් දෙපසට කර මැදිරියෙන් කැඳවාගෙන යෑමට  ද සිදුවිය.