දයානන්ද වික්‍රමසිංහට වකුගඩුවක් ඉල්ලයි


වකුගඩු ආබාධයකින් පෙළෙන දයානන්ද වික්‍රමසිංහ (68)  අකුරැස්ස හිටපු මන්ත්‍රී හා එජාප රජයේ ඇමැතිට මාතර වල්පොල නිවසේදී වකුගඩු සැත්කමක් සඳහා වැයවන රුපියල් හතලිස් ලක්ෂය සොයා ගැනීමට උදව් වන්නැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂමන් අබේවර්ධන මහතා ආයාතචය කරයි. අබේවර්ධන මහතා ද මුදලක්  පරිත්‍යාග  කළේය.

ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාගේ දෑස් කඳුලින් තෙත්විය. රැස්ව සිටි අයට ද ඒ සංවේදී බව දැණිනි.

ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ එල් එම් නසාර් කීවේ හැකි ඉක්මණින් සැත්කම කළ යුතු බවයි.

තම අසනීපයට මුදල් සොයා ගැනීම සඳහා ඔහු පදිංචි ඉඩමේ කොටසක් ද විකිණීය‍.