දයා ටී පැස්කුවල් ශතකයක් ගසා සමු ගනී


මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවල් මහතා (102) අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතුගම ආසනය නියෝජනය කළ ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද විය.

 සිය විශ්‍රාම වැටුප නැති බැරි අය අතර බෙදා දීමෙන් ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් විය.

බොහෝ විට ගමන් කළේ බසයෙනි. නැත්නම් දුම්රියෙනි. අවිවාහකයෙක් වූ පැස්කුවල් මහතා නිර්මාංශ ආහාරයෙන් ජීවත් විය.