දයා ඇපරල් නඩු තීන්දුව අද ?


අම්පාර දයා ඇපරල් ආයතනයේ  අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක්  සම්බන්ධ  නඩුතීන්දුව  අම්පාර මහෙස්ත්‍රාත්  උසාවියේදී අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ආයතනයේ හිමිකරු දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනෝමා ගමගේ  මහත්මිය මින් මද වේලාවකට  පෙර අධිකරණ ශාලාවට ඇතුළු වුහ.

ආයතනයේ දෙදහසක පමණ සේවක සේවිකාවෝ ද ඇතැමකුගේ මව්පියෝද උසාවිය අසල රැදී සිටිති.

අනවසරයෙන් ගොඩනැගිලි  ඉදිකිරීම් කළැයි නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ නඩුව පවරා ඇත.