අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි ඉඩම් කොටසක දයා ඇපරල් සමාගම විසින් අනවසරයෙන් ඉදි කළ ගොඩ නැගිල්ල කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොනු කැරුණු නඩුවක තීන්දුව කල් තැබූ අම්පාර මහේස්ත්‍රාත් ස්ටෙලා ප්‍රින්කි මහත්මිය විත්ති පාර්ශ්වයට තවත් කරුණු දැක්වීම සඳහා අවසර දී නඩුව ලබන අට වැනිදාට කල් තැබුවාය.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (18) දිනට නියම කර තිබූ නමුත් ඊළඟ නඩු දිනයේ දී අදාල ඉඩම සම්බන්ධයෙන් තවත් කරුණු දැක්වීමට විත්තියෙන් කල් ඉල්ලා සිටියේය.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවට ලැබුණු ආරංචිය නිසා අද (18) උදෑසන සිට ඇඟළුම් සේවිකාවෝ 4000ක් පමණ අම්පාර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිණි සිටියහ.