දඹූලු ගබඩා පිරේ


කිලෝවක් රුපියල් 90කට අද වන විට දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 35ක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇතැයි ලංකා සතොස කියයි.

දඹුල්ල කණ්ඩලම හා පැල්වෙහෙර ගබඩා දෙකම ලුනු වලින් පිරි ඇති නිසා එම ගබඩා දෙකේ ලූණු මිලට ගැනීම තාවකාලිකව අත්හිටුවා එම ලූනු තොග වෙනත් ගබඩා වලට ප්‍රවාහනය කිරීමෙන් පසු නැවත මිලදී ගැනීම ආරම්භ කරන බව සතොස පවසයි.

කැකිරාව, සීගිරිය, ගලේවෙල, ගලෙන්බිදුනුවැව, බකමූණ යන මධ්‍යස්ථාන වල ලොකු ලූනු මිලදී ගන්නා බවද සතොස පවසයි.

ගොවීන් සතුව තවත් දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 15 වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව ගොවි සංවිධාන සඳහන් කරයි.