දඹුලු සබේ කුණුහරුප ලාබ වේ


කළු පටි පැළැඳ පාන් සහ ලන්තැරුම් රැගෙන දඹුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට අද එමින් සිටි විපක්ෂ මන්ත්‍රිවරුනට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පහර දුන්හ. පාන් ගෙඩි ද පොළොවේ ගැසූහ. දෙපාර්ශවය අතර ගුටි කෙළිය මැද කුණු හරුප ද කියනු ඇසිණි.