දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 80ක පමණ මිලක් දෙන්නැයි ලූනු ගොවීහු ඉල්ලති.
මේ දිනවල සාධාරණ මිලක් නොමැතිකම හා ලූනු අලෙවි නොවීම නිසා ඔවුහු අසරණවී සිටින බව කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලුනූ කිලෝවක් රු 40 සිට රු 60 දක්වා මිලක පවතින බවත් එම මිලට හෝ තම අස්වැන්න මිලදී ගැනීමට වෙළෙන්ඳන් මැලිකමක් දක්වන නිසා ලුනු තොග දින ගණන් වෙළදපොලේ තබාගෙන සිටීමට සිදුව ඇති බවත් ගොවීහු කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ඒකමතිකව තීරණය කර ඇත්තේ මාස තුනක් යන තුරු දඹුල්ල වෙළදපලේ විදේශීය ලුනු අලෙවි නොකරන බවත් ගෙන්වීම නවතා දැමීමටත් ය.