නිධානයකින් ගත් රන් හා මැණික් බව පවසා ජනතාව රවටා ව්‍යාජ රන් හා මැණික් පෙන්වා මුදල් ගරා ගන්නා කල්ලියක දෙදෙනකු මිහින්තලේ මහකනදරාව වැව් බැම්මේදී මිහින්තලේ පොලිසියට අල්ලා දීමට ලංකාදීප ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායම සමත් විය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ දඹුල්ල නගරයේ මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 60ක මුදලකට මැණික් ගල් පහක් අළෙවි කිරීමට ගිය අවස්ථාවේදීය. ව්‍යාපාරිකයා මුලින්ම කළේ ලංකාදීප මාධ්‍යවේදියාට මේ ගැන දැනුම් දීමයි.
ඉන් පසු ජාවාරමුන් කොටු කිරීමේ සැලසුම සැකැසිණි.රුපියල් කෝටියක් කෝටි එකහමාරක් වටිනා ගල් ටික ගත්තොත් මුදලාලි ගොඩ යනුවෙන් ජාවාරමුන් දැමු ඇම ගිලින්නට ඇතැයි ජාවාරමුන් සිතුවත් එය එසේ සිදු නොවීය.
මුදලාලි එය දඹුල්ල මාධ්‍යවේදීයාට දැනුම් දුන්නේය.
දඹුල්ලේ සිට ව්‍යාපාරිකයා හා දඹුල්ලේ සිටි තැරැව්කරුවන් දෙදෙනකු සමඟ දුරකතනයෙන් කතා කරගත් පරිදි ඉස්කූටරයකින් මිහින්තලයට ගිය අතර ජාවාරම්කරුවෝ මිහින්තලේ මහ කණදරාව වැව් තාවුල්ලට එන ලෙසට පැවසූහ. ඒ අනුව එම ස්ථානයට ගොස් මද වේලාවකින් යතුරු පැදියකින් දෙදෙනකු පැමිණ එක් අයකු දඹුලු ව්‍යාපාරිකයා හා මාධ්‍යවේදියාට හොඳ මැණික් ගලක් පෙන්වා මැණික් බව හදුනා ගත් පසු ඉතිරි මැණික් ගල් රැගෙන එන තුරු රැඳී සිටින්නැයි දැන්වීය.තම සගයින් හරියට ක්‍රියාත්මක වෙතියි මුදලාලි ඇතුළු පිරිසද ජාවරම් කරුවෝද සිතුහ.
මැණික් රැගෙන පැමිණියේ යතුරු පැදියෙනි .
පැයකට පසුව තුන් දෙනකු ඉතිරි ගල් ද සමග පැමිණ ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වූහ.
ඒ ගල් සියල්ල බොරු ගල් බව ව්‍යාපාරිකයාත් මාධ්‍යවේදියාත් දැන සිටියත් ඒ බව හැඟවූයේ නැත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් සී රුක්මල් රත්නායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම රහසින් ඒ අසළට ගෙන්වා ගැනීමට මාධ්‍යවේදියා සමත් විය.
එහෙත් එක් අයකු පොලිසිය දැක දුවන්නට විය.
අනෙක් දෙදෙනා ද යතුරු පැදිය හා මැණික්ගල් තුනක් ද පොලිසිය අල්ලා ගත්තේය. බොරු මැණික් ගල් දෙකක් වැවට විසි කළ බව පසුව හෙළි විය.
පිරිස අත්අඩංගුවට පත්වී ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක සැරිසරමින් ව්‍යාජ ලෙස සැකසූ මැණික් හා රන් කැබැලි ජනතාව රවටා අළෙවි කරන ප්‍රධාන පෙළේ කල්ලිය මේ බවයි.
පොලිස් පරීක්ෂක රණසිංහ, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයන් 28096 කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 59436 දිසානායක, 57341 රණතුංග, 12417 බණ්ඩාර යන මහත්වරු මේ වැටලීමට එක් වූහ.

