ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් වසරක් පිරීම සහ විහාරාධිපති ධුරයට පත් වී තිස් පස් වසරක් පිරීම නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 100ක් වෙත සෙත් පිරිත් දේශනා කැර පිරිත් නූල් බැඳ දරු ප්‍රසූතියේ දී අවැසි වන සියලු භාණ්ඩ ඇතුළත් කට්ටල පරිත්‍යාග කිරීම හා ‘ගැබ් පෙලහර‘ දිවා ආහාරය ලබා දීම අද සිදු විය.
සුමංගල මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දඹුලු උයන්වත්ත විහාරස්ථානයට වැඩම කැර ගැබිණි මව්වරුන්ට පිරිත් දේශනා කර මව් පදවියේ ඇති ගුණය පැහැදිලි කැර දුන්හ.

