දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා අද (07) දඹුල්ල මහ නගර සභා රැස්වීමට පැමිණි මාධ්‍යවේදින් එළියට දැමීය.ඔවුන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකරතියි කියමින් එළියට යන්නැයි රැස්විමේදී නිවේදනය කළේය.
එසේ කළේ තමාගේ බලතල අනුව යැයි ද පුරපති කීවේය.රැස්වීම වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීහු එළියට ගියහ.ඔහු සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න,නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් ද ඔවුන් සමඟ එළියට බැස්සාහ.
රැස්වීම පටන්ගෙන මිනිත්තු අටකින් පුරපති කළ නිවේදනය තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැර ගැනීමක් බවත් මහජනයාගේ මුදලින් යැපෙන නගර සභාවේ කටයුතු ද දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බවත් එම අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන් දොරට දැමීම අනුමත කළ නොහැකි බවත් ඔවුහු කීහ.
මෙම නගර සභාවේ පාලනය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුය.





