වැසිකිළිවලින් ඉවත් කරන මළ මුත්‍රා දඹුලු නගර සභාවේ ගලි රථවලින් දිගම්පතහ රජයේ රක්ෂිතයට අතහැරීම නිසා වල් අලින්ගේ ඇතුළු වන සතුන්ගේ ජීවීත වලට ද තර්ජනයක් එල්ලවී ඇතැයි දඹුලු වැසියෝ කියති.
මෙම අපද්‍රව්‍ය ජල මාර්ගවලට එකතු වීමෙන් මිනිසාට ද නොයෙකුත් ලෙඩ රෝග සැදීටම ඉඩ ඇතැයි ඔවුහු කියති.
දඹුලු නගරාධිපති ජාලිය ඕපාත මහතා කියනුයේ ගලි රථයෙන් ඉවත් කරන දෑ වළක් හාරා දමන්නට උපදෙස් දී ඇති බවයි.

