දඹුලු පුද බිමෙන් සිල් සුවඳ හමයි


බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගන්නා භික්ෂූන් සුදුසු සෙනසුන් බලා වැඩම කර ගුණ දහම් පුරන කාලය බිනර පොහොයත් සමග උදා වේ.

ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර රැසකම අද පිංකම් පැවැත්වේ.

ඓතිහාසික දඹුල්ල රජ මහා විහාර මැද පංසලේ ඉපැරණි සෝමාවති චෛත්‍ය ඉදිරිපිට දහසක් උපාසක උපාසිකවෝ පෙහෙවස් සමාදන් වෙති.

පැවිදි ජීවිතයේ තිස් වසර සපිරූ භික්ෂූන් වහන්සේ පනස් නමක් ද මේ පිංකමට සහභාගී වූහ.

අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.

(දඹුල්ල ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

කැලණිය පුද බිම (ඡායාරූප ලාල් එස් කුමාර)