දඹුලු ඡන්දෙට ගිහින් තලගොයිත් මරති


දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද නිලධරයෝ පිරිසක් ඡන්දයෙන් පසු ඉබිබන්කටුවේ  හෝටලයක් අසල සාදයකට හවුල් වුහ.

මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා කියයි.

ඡන්ද නිලධරයන් හා ඡන්දයෙන් අලුතින් පත්වු සභිකයන් මේ පාටියට පැමිණි බව දැක ගත හැකි විට .රජයේ වාහනය ගහක් යට නවතා ඔවුහු තැන් දෙකක මත් පැන් බොමින් සිටියහ. එසැණ එහි යනු දුටු  දඹුල්ල සමුපකාර සේවකයෙක් එසැණ කැමරාවට ගහන්නට ගත් උත්සාහය අසාර්ථක විය.

 සමුපකාර පරීක්ෂක ඩබ්ලිව්.එම් වර්ණසුරිය මහතාද එහි සිටියේය. සමුපකාර ඡන්දයේ අක්‍රමිකතා පැවති බව එක් නිලධරයෙක් පිළිගත්තේය. මාතලේ දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස් ඩබිලිව්.එම් චන්ද්‍රරත්න මහතා පැවසුවේ දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත් වු බවයි.‘‘ අපි දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත්වුවා. ඇතැම් ස්ථානවලින් වාර්තා වූ  අක්‍රමිකතා සොයා බැලුවා.   රාජකාරී අවසන් වෙලා පොඩ්ඩක් ගත්තා. අපි ඒ වරද පිළිගන්නවා. එතැන සමුපකාර සේවකයන් ද, අලුතින් පත් වූ කාරක සභිකයන් ද   අපේ සමුපකාර පරීක්ෂකවරුන් එහි සිටි බව දැකගත හැකි විය.

‘හැබැයි අපි සාධාරණව කාරක සභා පත් කරන්න වැඩ කරනවා‘ ද ඔහු කියයි.