ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝෂණක් ඇරැඹුහ.
තම ලොකු ලුනු තොග පාරට හලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නියැලී සිටිති. ලොකු ලුනු කිලෝව තොග ගණණේ රුපියල් 40 ටවත් විකුණා ගත නොහැකි බව ගොවීහු කියති.
කිලෝව සිල්ලර මිල රුපියල් 90-95 කි. ගොවියෝ තම ලුනු ලොරි වලින් හා ට්‍රැක්ටර වලින් බිමට දමා පාරේ අතුරමින් සිටිති.







