කෑමට නුසුදුසු නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කියට දමන ලොකු ලූනු සෝදා පදවිය වැනි පළාත්වලට යවන සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මහ නගර සභා විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා අද සමත් විය.
ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ ඔත්තුවක් අනුව එහි ගිය විපක්ෂ නායක වැඩේ අතටම අල්ලාගෙන නගර සභා සෞඛ්‍ය පරීක්ෂක ජී.අත්තනායක මහතා කැඳවීය. ලොරියකට පටවා තිබූ කුණු ලූනු යළි කුණු බක්කියට දමන ලෙස ඔහු ලොරියේ සිටි අයට දන්වා කිසිම රාජකාරියක් නොකර පිටවී යන්නට ගියේය. එහි පැමිණි එසැණ මාධ්‍යවේදියා ඔහුගෙන් ඒ බව ප්‍රශ්න කළේය. සෞඛ්‍ය පරීක්ෂක පැවසූයේ වෙනත් රාජකාරියකට යායුතු හෙයින් එසේ කී බවයි. පසුව ඔහු දුරකථනයෙන් සඳහන් කළේ එම පිරිසට නඩු පවරන බවයි. කරන දෙයක් තමා බේරා කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කිවලට දමන කුණු ලූනු ආදිය රැගෙන යන පිරිස් ගැන මීට පෙරද බලධරයන්ට පැමිණිලි කළ නමුත් වැඩක් නොවූ බව කියති.





