දඹුල්ල විහාර හන්දියේ ඇතැයි කියන කසිප්පු තිප්පොළ වසා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද එහි උද්ඝෝෂණයක් අරැඹුහ.
මෙය පවත්වාගෙන යාමට මෙම ස්ථානයට පොලීසියේ සහාය ක් ඇතැයි එහිදී චෝදනා නැගිණි.
එහි පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ මුලස්ථාන පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහත්වරු උද්ඝෝෂකයින්ට කියා සිටියේ මෙය වසා දැමීම සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය බවයි.

