දඹුලු උද්ඝෝෂණයට ජනපති මැදිහත් වෙයි


දඹුලු ලොකු ලුණු ගොවීන්ගේ උද්ඝෝෂණය පැයකින් අවසන් විය. විධිමත් වැඩපිළිවෙලක් යටතේ ලොකු ලූණු කිලෝව රුපියල් 90 ගණනේ ගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ ජනපති තමාට උපදෙස් දුන්නැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මැද එහි ආ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවීන්ට කීය.  ඔහු එහි පැමිණීමට මඳ වේලාවකට පෙර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  ගොවි උද්ඝෝෂණය මැදින් ගමන් කළේ ගොවීනට ආචාර කරමිනි. ආර්ථික සංවරධන අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය හෙට සිට ලොකු ලුණු රුපියල් 90 ගණනේ මිලට ගන්නා බව ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.

120 119