දඹුලු ආර්ථිකේ එක රැයින් කඩයක්


මධ්‍යම පළාතේ දේශපාලනඥයකුගේ පොලිස් ආරක්ෂකයකුගේ ආරක්ෂාව යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ඇසළ පෝදා කඩ කාමරයක් ඉදි කළ බව දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර දේවප්‍රිය මහතා කියයි.

ඒ ගැන තමාද පුදුමයට පත් වන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා කියයි.

දඹුල්ල පොලිසියේ සැරයන්වරයකු මේ කඩය ඉදි කළ බව දැනගන්නට ඇත.

කොළ කැඳ විකිණීම සඳහා වන එම කඩ කාමරයට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ හා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය දී ඇත.

ඒ සඳහා ලිඛිත අවසරයක් දුන් බව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවාපතිරණ මහත්මිය කියන්නීය.