දඹුල්ල මහ නගර සභා අයවැය කතාව ඉදිරිපත් කිරිමට නගරාධිපති ජාලිය ඕපාත මහතා නැඟී සිටීමත් සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ සභාවෙන් නැඟිට ගියහ.
එසේ කළේ ඇයි දැයි ආරියරත්න මහතාගෙන් විමසු විට න/ගරාධිපති අප කියනදේට ඇහුන්කන් නොදේ නම් ඔහු කියන දේට අප ඇහුන්කන් නොදෙන්නේ ඇයි ඇයිද යන්නයි.
විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා අද රැස්වීමට නොයෙන බව ලියුමකින් දන්වා තිබිණි.
දඹුල්ල නගර සභාවේ මුළු මන්ත්‍රීන් ගණන 15 කි.ඒ අතර විපක්ෂ මන්ත්‍රීවරු 6 දෙනෙක් වෙති.

