කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දැමීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට ඇත .
අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළදාම පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා වෙළඳ සංගමයේ විශේෂ රැස්වීමක් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නාඩි වෙළදාමෙන් වෙළඳපළට හොඳක් සිදුවන බව ඇතැමෙක් පැවසුහ. එය විනාශකාරී දෙයක් බව මාධ්‍ය හුවා දක්වා ඇති බව පැවසුහ .
වෙළද සංගමයේ සභාපති යු .ආර්. දයානන්දසිරි මහතා ඇතුළු බහුතර වෙළෙඳුන් කිවේ මෙය නැවත ක්‍රියාත්මක නොවිය යුතු බවය .
එහෙත් නාඩි වෙළදාමේ නියුතු පිරිස පැවසුවේ 150 ක් පමණ පිරිසක් මේ වෙළදාමෙන් ජිවත්වන බවයි. මෙම වෙළදාම නිසා එළවළු ගොවියාට වැඩි මිලක් ලැබෙන බව ඔවුහු කීහ. එහෙත් ගොවීන් සහ එළවළු මිලදී ගැනීමට එන පිරිස් කීවේ නාඩි වෙළදාම නවතා දැමීය යුතු බවයි.




