දින කිහිපයකට පසු දඹුල්ලේ එළවළුවල තොග මිල අද පහත වැටුණේය. අතරමැදියන් පසුබැසීම ඊට හේතුව බව දඹුළු ආර්ථික මධ්‍යස්ථාන ආරංචි කියයි.සිල්ලර මිල පහත වැටී නැත.
අද කිලෝවක මිල මෙසේය.
අමුමිරිස් රුපියල් 180-200, වට්ටක්කා 18-25, කරවිල 60-75, වම්බටු 110-140, මෑ කරල් 80-140, ගෝවා 50-60, බීට් 100-150, කැරට් 90-110, ලීක්ස් 90-110, මාළුමිරිස් 110- 180, බෝංචි 190-200,
වැටකොළු 90-100, බණ්ඩක්කා 80-100
මේ අතර තඹුත්තේගම අමු මිරිස් කිලෝව රුපියල් 300 දක්වාද, වම්බටු කිලෝව රුපියල් 250 දක්වා ද, මාළුමිරිස් කිලෝව රුපියල් 350 දක්වාද, මෑරල් කිලෝව 160 දක්වා ද ඉහළ නැග තිබුණේය. රාබු කිලෝව එහි රුපියල් 100ක් වේ.

