
( කාංචන කුමාර ආරියදාස)
පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින එළවළු අවම වීම නිසා එළවළු මිල ඉහළ යෑම සිදුවන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ හාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(12 ) සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථානයේ අද (12 ) පෙරවරුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන තිබේ.
ඒ අනුව මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සියයට පනහක් පමණ අඩුවී තිබීමත් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් සියයට පනහක් පමණ අඩුවීමත් නිසා එළවළු මිල ඉහල ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
පසුගිය දින කීපයේම එළවළු මිල ආර්ථික මධ්‍යස්ථානයේ අඩුවෙන් පැවැති බවත් පෙන්වා දෙන ඔවුන් වට්ටක්කා මිල පහත වැටීම ඇති අතර අනෙකුත් එළවලු බොහෝමයක් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙති. මෙදින ආර්ථික මධ්‍යස්ථානය පාලු ස්වභාවයක් පැවතිණි.
යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු ප්‍රමාණය ද අවම වී ඇති අතර , කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් ලීස් ගෝවා ආදී එළවළු ප්‍රමාණයද අඩු වී තිබේ.
ඒ අනුව බෝංචි කිලෝවක් රුපියල් 900 සිට 1000 අතර ඉහළ මිලකට අලෙවි වේ. තක්කාලි අමුමිරිස් කරවිල දඹල වැටකොලු ආදී එළවළු කිලෝවක් රුපියල් 500 ඉක්මවා ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සඳහන් කළේ එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ද පාරිභෝගිකයන්ද මිල උච්ඡාවචනය වීම නිසා අපහසුතාවයට පත්වන බවය

