දඹුල්ලට ආ භූතයා ගිනි තබා වනසයි


පිට පළාතකින් ගොයම් පෑගීමට ගල්කිරියාගම ආනකටාවට ගෙනා භූතයකු ගිණි තබා විනාශ කිරීමෙන් භූතයා හිමිකරුට රුපියල් ලක්ෂ 71ක පාඩුවක් සිදු විය.

ගල්කිරියාගම ද ‘භූතයෝ‘ සිටිති. පිටපළාතකින් ගෙනා භූතයා නිසා දඹුලු භූතයන් හිමිකරුවන්ට ආදායම් නැති වෙතියි සිතා භූතයා වනසන්නට ඇතැයි කියති.

 භූතයා නමින් ගොවිනයන් අතර හැඳින්වෙන කොළ මඩිනයට දවසකට අක්කර අටක ගොයම් කපා කාටුව ඇර මළුවලට ඇසිරීමට හැකියාව ඇත.