දඹුල්ල හෙදියක හොරෙන් රට ගිහින්


දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක සංකේත වැඩවර්ජනයක කළහ. ලබන සඳුදා සිට වර්ජනයක් අරඹන බව ඔවුහු කියති. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පවසනුයේ හෙදියක අනවසරයෙන් එතෙර ගොස් ඇති බවත් මාස හයක්ම වැටුප් ද ලබාගෙන ඇති බවත් එය හෙළිවීමෙන් පසු ඒ ගැන ක්‍රියාකිරිම මේ විරෝධයට හේතුව බවයි. තමා රෝහලේ අධිකාරී බැවින් හෙදියන්ගේ රෝහල් කටයුතු ගැන සෙවීමට නීතියෙන් ඉඩ ඇතැයි වෛද්‍ය අධිකාරි කියයි.