දඹුල්ල රෝහල බෝංචි කිලෝව රු.600ට අරන්


දඹුල්ල  රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර  වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දී අනාවරණය කළේය.

‘ බෝංචි ග්‍රෑම්  100 රුපියල් 60/- යි . (එතකොට බෝංචි කිලෝව රුපියල් 600/- යි), කැරට් ග්‍රෑම්   100 රුපියල් 80/- යි . (එතකොට කැරට් කිලෝව රුපියල් 800/ - යි). තැම්බූ බිත්තරය රුපියල් 50/ - යි . තෝර මාළු ග්‍රැම්100 රුපියල් 125/- යි . (කිලෝව රුපියල් 1250/- යි.) පරා මාළු කිලෝවේ මිල රුපියල් 1100/ - යි.  ‘

මේ මුදල  ලබා ගැනිමේ වවුචරය ගැන පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.