දඹුල්ල මහ නගරසභා අය වැය සම්මතයි


( කාංචන කුමාර ආරියදාස )

 දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය වැඩි ඡන්ද 12 කින් සම්මත වූ අතර අය-වැයට විරුද්ධව එකදු ඡන්දයක් හෝ නොලැබිණි .

ජන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව සිටියහ.

 ඒ අනුව  දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය  පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබිණි. ඡන්ද 12/0 ලෙස 2026 වසර සඳහා අයවැය යෝජනාව සම්මත විය.

දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන්  දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය සදහා වූ මහා සභාව ආරම්භ කෙරිණි

උප නගරාධිපති සුසන්ත බටගොග මහතා සභාව අමතන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වයක් නිසා  විපකෂය  නියෝජිත  ‍මන්ත්‍රී වරුන්  සියලු දෙනා සභා ගර්භයෙන් පිටව ගියහ.

තවද අයවැය සංශෝධනයන් පිළිබඳ කිසිදු යෝජනාවක් විපක්ශය නියෝජනය කළ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මන්ත්‍රීවරියකගෙන් ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.