(අංජුල මහික වීරරත්න)
දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන " ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන " යටතේ දිවයින පුරා කර්මාන්තපුර 33 ක් මේ වන විට ඉදිකර ඇත. එසේම, නව කර්මාන්තපුර 07 ක සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.
ආහාර නිෂ්පාදන හා ආහාර ඇසුරුම්කරණ කර්මාන්ත සඳහා වූ විශේෂිත කර්මාන්ත පුරයක් ලෙස දඹුල්ල කර්මාන්ත පුරය ස්ථාපනය කිරීම හඳුනාගනු ලැබ තිබේ.
ඒ සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇළෙන් එගොඩ යාය ගම්මානයේ අක්කර 64 රූඩ් 02 පර්වස් 10.2 ක් වූ ඉඩමක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත.