දඹුල්ල මහ නගර සභාවේ ප්‍රථම පුරපති ජාලිය ඕපාත මහතාගේ පාලනය අක්‍රමිකතා හා දූෂණවලින් පිරී ඇතැයි ද, නගරයේ හැම වැසියකුම රුපියල් 12000කින් පමණ ණයකරුවකු කර ඇතැයි ද පවසමින් උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න, නාගරික මන්ත්‍රීන් වන එච් එම් රූපසිංහ හා ඒ කේ අනුර බණ්ඩාර අද මාධ්‍ය හමුවක් පැවැත්වූහ. නගරාධිපතිට සන්ධානයේම දෙපිරිසක් මෙම ගැටුමට මැදිවී සිටිති.
රෝහල සතු ඉඩමකින් ඇළ මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමයකින් අක්‍රමිකතා සිදුවී ඇතැයි ද, නගර සභාව දැන් තිස් දෙකෝටියකට ආසන්න ණය ගෙන ඇතැයි ද ඔවුහු කීහ.
නගර සභා කැබ් රථ පෞද්ගලික පරිහරණයට ගන්නා බවත්, වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයෙන් ද නගර සභාවට ආදායම් අඩුවනු ඇති බවත් ඔවුහු චෝදනා කරති.
රජයේ ඉඩම් කොල්ලයක් ද සිදු වෙතියි ඔවුහු කියති. නගරයට කාණු පද්ධතියක් නැතැයි ද, නගරාධිපති මහා මන්දිරයක් ඉදිකරතියි ද ඔවුහු කියති.
මේ චෝදනා සම්බන්ධයෙන් නගරාධිපති ඕපාත මහතා මෙසේ කියයි. ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
‘දඹුල්ල නගර සභාව සත පහක්වත් ණය නෑ. ප්‍රාදේශීය සභා කාලයේ ණය තිබුණා. ඒවත් එජාප කාලයේ ගත්ත ණය. රෝහල් ඉඩම දුන්නේ කාලයක් එහි පදිංචිව සිටි අයටයි.
ඇළ සංවර්ධනයේදී කිසිම හොර වැඩක් නෑ. නගර සභා වාහනයකින් කිසිම පෞද්ගලික වැඩක් කරන්නේ නැහැ. බස් පොළේ දැන්වීම් ප්‍රදර්ශනය නීත්‍යනුකූලව කළ වැඩක්. ‘
‘මම ගෙයක් හදනවා. ගේ හදන්න පටන් ගත්තේ නගරාධිපති වෙන්නත් ඉස්සෙල්ලා. හැබැයි වීදුරු ගෙවල්වලට වී අනුන්ට ගල් ගැසීම නුසුදුසුයි. ‘