ඇතැම් සංවිධායකයින් විසින් දඹදිව වන්දනාවේ රැගෙන ගොස් අතරමන් කැරුණු වන්දනාකරුවන් රැගෙන ඒම සඳහා මිහින් ලංකා යානයක් අද (06) පෙරවරු 9.40 ට කටුනායක සිට බුද්ධගයාවටද,ශ්‍රීලන්කන් යානයක් දකුණු ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටටද ගිය බව නිලධරයෝ කියති.
පස්වරු පහ පමණ වන විට කටුනායකට ළඟා වෙතියිද කියති.
චෙන්නායි ගුවන්තොට ගං වතුරින් යටවීම නිසා සඳුදා දිනය දක්වාම වසා දමා ඇත.
එක් යානයකින් වන්දනාකරුවන් 120 ක්ද ,අනෙක් යානයෙන් 190 ක්ද පැමිණීමට නියමිතය.

