කැබිතිගොල්ලෑව හේරත්හල්ම්ල්ලෑව පුරාණ රජමහා විහාරයේ පුරසද සදකඩ පහණ කැබැලි වලට කඩා හිකුරක්ගොඩ කුමාරගම ළිදක දමා තිබියදි සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
දඹරන් කිලෝ තිස්පහක් මෙම සඳකඩ පහනේ ඇතැයි පැවති කටකතාවන් එය පැහැරගෙන ගිය පිරිසට එහි රත්තරන් මායමක්වත් සොයාගත නොහැකි වු බව පොලිසිය කියයි.
හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙක්,පොලිස් රථ වාහන කොස්තාපත්වරයකු,සිවිල් ආරක්ෂ බළකා සෙබළෙක් , සාමාන්‍ය වැසියෝ සිව් දෙනකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.
යුද හමුදා ඇදුම් ආම්පන්න තොගයක්ද සොයා ගෙන ඇත. සැකකරුවන්ගෙන් පස් දෙනකුම හිකුරක්ගොඩ පදිංචි කරුවෝය. තිත්තගෝනෑව හේරත් හල්මිල්ලෑවේ හා තම්මැන්නාවේ සිව් දෙනකුද එහි වෙති.
පුනරින් හමුදා කදවුරේ සෙබළුන් තිදෙනකු මාස තුනකට පෙර සොරකමේ සැලැස්ම සාකච්ඡා කැර ඇතැයි කියති.
පොලිස් පරීක්ෂක ආර් එන් අයි ජී රත්නායක මහතා පරීක්ෂණ මෙහෙයවයි.