දමිතාත් ජනපති කොමිසමට එයි


ශ්‍රීලංකන් ගුවන්සේවයේ සිදුවීයැයි කියන වංචා සහ දූෂණ ගැන දමිතා අබේරත්න නිළියගෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ෂන කොමිසම අද (06) පැය 1 ½ ක් පුරා ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත්තේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටයුතු වල නිතරවීම සහ කලාකරුවන් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීම ඇතුළු සිද්ධි පිළිඹඳව ප්‍රකාශ සටහන් කරගැනීමට මීට පෙර උපේක්ෂා ස්වර්ණමාලි හා බන්ධුල විජේවීර යන කලාකරුවන්ද, නීතිය හා සාමය පිළිඹද රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්නද කොමිසම හමුවට කැඳැවිණ.

මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීලංකන් ගුවන්සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙන අතර නොවැම්බර් 20 වැනිදායින් පසු කොමිසමට කටඋත්තර දීමට සූදානම් බව ඔහු නීතිඥවරයෙක් මගින් දැනුම්දී ඇත.