දමිත් අසංකගේ 'නොලැබෙන ඔබේ ආදරේ'


 2017-02-22-ent-61

 

දමිත් අසංක යනු වර්තමානයේ සංගීත ප්‍රසංගවල නැතිව බැරි ගායකයෙක් බවට පත්ව සිටියි. ඒ ඔහුගේ හඬෙහි ඇති පෞරුෂත්වය මීට හේතුව බව සඳහන් කළ යුතුය. කැසට් පට යුගය තුළින් සංගීත ගමන ආරම්භ කළ ඔහු මේ වනවිට වර්තමානයේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා සිටින ගායකයෙකු බවට පත්ව තිබේ. ආදරය, විරහව යන මාතෘකා ඔස්සේ රසික සිත් බැඳිගත් ඔහුගේ නවතම නිර්මාණය පිළිබඳව මෙවර තරුණයා New Release on Youtube ඔස්සේ ගෙන ඒමට අපි සිතුවෙමු.

"නොලැබෙන ඔබේ ආදරේ" ලෙස නම් කර ඇති මෙම ගීතය පසුගියදා එළිදැක්විණි. මොහු අද පවතින රැල්ලට යන ගායකයෙකු වුවද ඔහු විසින් ගායනා කරන සෑම ගීතයක්ම වෙනස්ම වචන ශෛල්‍යයක් ඔස්සේ නිර්මාණය වී තිබේ.

ඔහු විසින් ගෙන එනු ලැබූ සෑම ගීතයක්ම අද වනවිට රසික අවධානය යොමු වී හමාරය. ආදරය ඔස්සේ ගීත නිර්මාණය වුවත්, එම ගීතත් වෙනස්ම වූ වචන මාලාවක් ඔස්සේ ගෙන ඒමට ඔහුට හැකියාවී තිබේ. ඔහුගේ නවතම ගීතය වන "නොලැබෙන ඔබේ ආදරේ" ගීතය සඳහාත් නිර්මාණ කර ඇති මියුසික් වීඩියෝවද ඔහුගේ මෙම ගීතයට සාධාරණයක් ඉටුකර ඇත.

 

එළිදැක්වූ දිනය - 2017 පෙබරවාරි 20

ගායනය - දමිත් අසංක

පදරචනය - සජිත් වී චතුරංග

සංගීතය - රදීශ් වැන්දබෝනා

 

2017-02-22-ent-60