දමා අතර මඟක කොහේ ගියෙදෝ නුඹෙ අම්මා


මාපියන් කවුදැයි නොදන්නා සිව් මස් හැවිරිදි දැරියට අනුරපුර රෝහලේ හෙද සොහොයුරියන්ගේ උණුසුම හා සෙනෙහස මැද හැදී වැඩෙයි.

සුදු නමින් හැඳින්වෙන මේ දැරියගේ මව කැකිරාවේ බව කියා රෝහලට ඇතුළු වූ නමුත් ඇය සොයා ගැනීමට නැත.

වෛද්‍යවරු හෙදියෝ හා උපස්ථායකයෝ ඇගේ ‘කැපකරු මපියෝය‘.

රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති එස් කරුණාරත්න මහත්මිය කියනුයේ දරුවා ඉක්මණින් පරිවාස භාරයට පත් කරන බවයි.

එවිට දරුවා කැමති කෙනෙකුට උසාවි මගින් දරුවාගේ භාරකාරත්වය ඉල්ලා සිටිය හැකිය.