අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය මගින් 43 වැනි වරට සංවිධානය කරන සැතපුම් 2 ක විවෘත මුහුඳු පිහිණුම් තරඟාවලිය අම්බලන්ගොඩ තානායම අසල මුහුඳු තීරයේදී අද (14) උදෑසන පැවැත්වීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 420 කගේ සහභාගීත්වයෙන් පැවති තරඟයට අම්බලන්ගොඩ පොලිසිය, ගාල්ල නාවික හමුදා කඳවුර, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මේ තරඟාවලිය සඳහා ආරක්ෂාව ලබා දී තිබිණි. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් විනිශ්චය කටයුතු සිදු කැරිණි.
බාලක ජයග්‍රාහකයන්
1 තරිඳු උදයංග - මාදම්ප මහා විද්‍යාලය
2 හේෂාන් සොයිසා - මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය
3 විමල් කුමාර - ශ්‍රී ලංකා යුධ හමුදාව
බාලිකා ජයග්‍රාහිකාවන්
1 එස්.කේ.එස්. බියංකා - ධර්මාශෝක විද්‍යාලය
2 සුනේත්‍රා විජේරත්න - ශ්‍රී ලංකා නාවික හමුදාව
3 ශෂිනි නවෝද්‍යා - දේවානන්ද විද්‍යාලය




