අනගාරික ධර්මපාල තුමාගේ 82 වැනි ගුණනුස්මරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ශ්‍රී ලංකා මහා බෝධි මුලස්ථානයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ උළෙලේ මුලසුන හෙබවූහ.
විහාරස්ථානයේ අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ධර්මපාලතුමන්ට පිං පමුණුවමින් පැන් වැඩීමට ජනපතිද ධර්මපාලතුමන්ගේ පවුලේ ඥාතීහුද එක්වූහ.
මහ සංඝරත්නය බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය ,මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත්වරුන්ද එහි සිටියහ.
(ඡායාරූප ඉෂාන් සංජීව)








