ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ඡන්ම දින සැමරුම තුන් දිනක් පුරා ඉන්දියාවේ බුද්ධගයාවේ දී පැවැත්විණි.
ලේ දන් දීමේ වැඩසටහනකින් පිංකම ඇරැඹිණි.
පාසල් 15 ක 300 කට අධික ළමයින් අතර ධර්මපාලතුමා ගැන චිත්‍ර, රචනා, භක්ති ගීත තරඟ දෙවැනි දින පැවැත්විණි.
තෙවැනි දිනයේ දි බුද්ධගයාවේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධි පරිශ්‍රය දී පෙරහරක් පැවැත්විණි. බුද්ධ පුජාවෙන් පසු අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව මල් දමින් සැරැසිණි. සාංඝික දානයෙන් පසු ධර්මපාලතුමාගෙන් භාරතයට සිදුවු සේවාව හා අද බුද්ධගයාව ගැන සාකච්ඡාවක් ද පැවැත්විණි.
ජපානයේ ඩෛජෝක්‍යෝ නිකායේ සභාපති ටී.සුගිසාකි මහානායක හිමි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.
මගධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ස්ත්‍යාකිව්, නාලන්දා විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගෝපා සගරවාල්, ඉන්දියා මහ බෝධි සමාගමේ සභාපති ප්‍රසන්න ජයසුරිය, මහා බෝධි මහා විහාරයේ ලේකම් එන්.ඩොර්පේ, ඉන්දියා මහා බෝධි සමාගමේ මහ ලේකම් මැදවල සුධම්මාලංකාර හිමි ඇතුළු ජාත්‍යන්තර බෞද්ධ රටවල පිරිස මේ සඳහා සහභාගී වුහ.
ඉන්දියා මහා බෝධි සමාගමේ සම ලේකම් , බුද්ධගයා විහාරාධිපති කහටගොල්ලෑවේ මේධංකර හිමියෝ පිංකම සංවිධානය කළහ.

![17_SANJAY_KUMAR_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_011.png)
![17_SANJAY_KUMAR_003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_0031.png)
![17_SANJAY_KUMAR_08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_081.png)
![16-_devotional_song_compatation-_mahabodhi_society-01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/16-_devotional_song_compatation-_mahabodhi_society-011.png)
![17_SANJAY_KUMAR_009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_0091.png)
![GAN_0312[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03121.png)
![GAN_0322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03221.png)
![GAN_0391[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03911.png)
