බුදු දහමේ සැබෑ හරය රට වෑසියන්ට කියා දිම සදහා කෑලණිය ශ්‍රි ධම්මදස්සි බෞද්ධ මධයස්ථානයේ විහාරාධිපති දොලොස්වල උදිත ධීර හිමියෝ සැරැසෙති.
සරල ධර්මයේ සිට අභිධර්මය තෙක් රචනා කළ පොත් ඔනෑම අයෙකුට නොමිලේ තෑපෑල් මගින් ලබාදෙන බවත් මාස තුනකට ප්‍රථම ආරම්භ කළ මෙම වෑඩසටහනට මේ වන විට සාමාජිකයින් පන්දහස ඉක්මවා සිටින බවත් උන්වහන්සේ පවසති.
තෑපෑල් ගාස්තු සදහා අතිවිශාල මුදලක් වෑය වුවත් නොයෙක් පින්වතුන් මෙම සත්කාරයට දායක වි සිටිමෙන් තමන්ට මහත් ශක්තියක් ලබාදෙන බව උදිතධීර හිමියෝ කියති. මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෙකු රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් විහාරස්ථානයේ මෙම කටයුත්ත සදහා ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දී තිබේ.
දොලොස්වල උදිතධීර හිමි, ශ්‍රි ධම්ම දස්සි බෞද්ධ මධ්‍යස්ථානය, අංක 440/1බි, කොත්තෑන්න, බියගම, කැලණිය යන ලිපිනයෙන් හා 0772340810. දරන දුරකථන අංකයට ඈමතිමෙන් ඕනෑම අයෙකුට බුදුදහම පිලිබදව ලියෑවුණු පොත් නොමිලේ ගෙන්වා ගැනීමට හැකි බවත් ඉතාලියේ සිටින අයෙකුට 3341227517 අංකය ඇමතිය හැකි බවත් කියයි.

