අම්පාර දමන දේවාලදහිඳ, ගල්කන්ද, ගලපාමුල හා පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට නොගත් බව පෙනේ යැයි භූ හෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා කියයි.
දෙවාලහිඳ භු කම්පන මාපකයේ එම සුළු චලනය ශබ්දයකුත් සමග සටහන් වී ඇතැයි ඔහු කියයි. එහෙත් පල්ලේකැලේ හා මහකනදරාවේ මාපකවල සටහන් වී නැත. මාස දෙකක් ඇතුළත අඩුගානේ මෙවැනි කම්පන හතලිහක් පමණ සිදු වී ඇත.