විද්‍යුත් මාධ්‍ය විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් බදුල්ලේදී අද (13) පැවසීය.
මේ සම්බන්ධයෙන් විදුලි සන්දේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව පැවැති සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ ' ගීතය බටහිර ආරට ගායනා කළ ගායිකාවගේ කට හඬ බැළලියකගේ මුස්පේන්තු කෑ ගැසීමකට සමාන කරමින් දෙරණ නිවේදකයෙක් එවැනි අවස්ථාවලදී ගඩොල් බාගයක් ගෙන පහර දී හැර කළ හැකි අන් දෙයක් නැතැයි ප්‍රකාශ කළේය.
බදුල්ල හෙරිටේජ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්න විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබදව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට අපහාස කිරීමට රූපවාහිනී නාළිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාළිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද?
රාජපක්ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැඹිරාළලා ගණනවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යැයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සුදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්ෂණ කළාදැයි මම ඔවුගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාතිවාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා. ‘‘
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


