(කුෂාන් ජයවර්ධන සහ කාංචන කුමාර ආරියදාස)
සිවිල් පුද්ගලයකු හා එක්ව මුව දඩයමේ ගිය බව කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු ඝාතනය කරන ලද මුවකු ද සමඟ අල්ලා ගැනීමට මකුළුගස්වැව හීනුග්ගල ප්‍රෙද්ශයේ තරුණ පිරිසක් කටයුතු කර ඇතැයි ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
අල්ලාගත් සැකකරුවන් තිදෙනා හා ඔවුන් විසින් ඝාතනය කරන ලද බව කියන මුවා ගම්වාසීන් විසින් මකුළුගස්වැව පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර තිබේ.
ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මකුළුගස්වැව හීනුග්ගල ප්‍රෙද්ශයේ කැලැවකදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන් තිදෙනා එක්ව මුව දඩයම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ද සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට ගොස් විමර්ශණ සිදුකර තිබිණ.
මුව දඩයම සම්බන්ධයෙන් මෙලෙස පොලිස් භාරයට ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා මඩාටුගම හා ගිරානේගම පොලිස් ස්ථානවලට අනියුක්තව රාජකාරි කරනු ලබන අය බවත් සැකකරුවන් විසින් වෙඩි තබා එම මුවා ඝාතනය කර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.