දකුනු කොරියා අගමැති එයි


කොරියානු අග‍්‍රාමාත්‍ය  චන්ග් හොන්ග් වොන්  මහතා තෙදින නිල සංචාරයක් සඳහා   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින්    දිවයිනට පැමිණියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ අංගනයේදී දිවියිනට පැමිණි  කොරියානු අග‍්‍රාමාත්‍ය චන්ග් හොන්ග් වොන් මහතාව ගුවන්හමුදා උත්තමාචාර මැද  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක, විදේශ කටයුතු  නියෝජ්‍ය  අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතූලූ මැති ඇමතිවරුන් විසින්  ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

 ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙම නිල සංචාරය සිදුවන අතර 1977 වසරේදී ශ‍්‍රී   ලංකාව සහ කොරියාව අතර රාජ්්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කළ පසු කොරියානු අගමැතිවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

 මෙම සංචාරයේදී කොරියානු අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති ආචාර්ය දී.මූ ජයරත්න   යන මහත්වරුන් හමුවී සාකච්ඡුා කිරීමට නියමිතය.

 ශ‍්‍රී  ලංකා - කොරියා පාරිසරික සහයෝඟීතා සංසඳයේ සැසියකට සහභාගි වන කොරියානු අගමැතිවරයා දකුණු කොළඹ වරාය නිරීක්ෂණය කිරීමට දි නියමිත අතර  ශ‍්‍රී  ලංකාවේ සරසවි සිසුන් සමඟ විශේෂ හමුවකට සහභාගි වීමටද නියමිතය.

මෙම අවස්ථාවට සමාජ සේවා අමාත්‍ය පීලික්ස් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග යන මහත්මීන්ද, විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්ද, ගුවන්තොටුපොළ උසස් නිලධාරීහුද එක් වූහ.