තංගල්ලේ ලංගම බස් රියදුරකුට තංගල්ලේ දී පහරදුන්නැයි සැකපිට දකුණු පළාත් ධීවර හා සංස්කෘතික ඇමති ඩී.වී.රෝහණප්‍රිය උපුල් භාරවීමට පොලීසියට පැමිණි අවස්ථාවේ අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙම පහරදීමට එරෙහිව තංගල්ලේ බස් වර්ජනයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇති බවයි. පහරකෑ රියදුරා තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.